අර්බුදයක් වූ කොවිඩ් වාර්තාව (වීඩියෝ)

Sunday, 30 May 2021 - 13:39

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොළඹ ජාතික රෝහලේදී මිය ගිය කාන්තාවකගේ මෘත දේහයක් පවුලේ ඥාතීන්ට භාර දීමෙන් අනතුරුව කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සහ මල්ශාලාවේ පිරිස් අපහසුතාවට පත්වීමේ සිද්ධියක් වේයන්ගොඩ - උදම්මිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මිය ගිය කාන්තාව  පසුගිය 17 වන දා ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ සැත්කමකට භාජනය කිරීම සඳහායි. රෝහල්ගත වන අවස්ථාවේ සිදුකළ කොරෝනා පරීක්ෂණයෙන් ඇය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති අතර, සැත්කමෙන් පසුව නිවසට පැමිණ දින කිහිපයකට පසු යළි රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී ද කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඊට පසුදින ඇය මිය ගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

රෝහල් බලධාරීන්, පවුලේ ඥාතීන්ට කළ දැනුම්දීමක් අනුව දේහය භාරගෙන මල්ශාලාවට රැගෙන ගොස් එම කටයුතු ද අවසන් කර නිවසට රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබියදී රෝහල මගින් දැනුම් දී ඇත්තේ මියගිය කාන්තාවට කොරෝනා ආසාදිත බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories