ජුනි 21 වනදා එංගලන්තය නැවත විවෘත කිරීම අවිනිෂ්චිතයි

Sunday, 06 June 2021 - 16:07

%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+21+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ලබන 21 වනදා එංගලන්තය නැවත විවෘත කිරීම සඳහා එන්නත්කරණය වේගවත් කළ යුතු බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළා.

තවමත් එම සැලසුම් අත්හැර නැතත්, එංගලන්තයේ දැන් පැතිරෙන ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොරෝනා ප්‍රභේදය හේතුවෙන් එය අභියෝගයකට ලක්වනවා.

රට නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය කිරීම සඳහා ඉදිරි සතියේ ලබා ගන්නා දත්ත විශේෂයෙන් වැදගත් වන බව සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියා.

එමෙන්ම, ඉදිරි සතියේ සිට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සඳහා ද කොරෝනා එන්නත්කරණය ආරම්භ කිරීමටයි එංගලන්තය සැලසුම් කර ඇත්තේ.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සියයට 40 ක වැඩි පැතිරීමේ හැකියාවකින් යුක්ත වන බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ.

එක්සත් රාජධානියේ මිලියන 40කට වැඩි ජනතාවට මේ වනවිට කොරෝනා එන්නත් පළමු මාත්‍රාව ලබාදී අවසන්.

මේ අතර, ජී - 7 කාර්මික රටවල සමුළුව අමතමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ සමස්ත ලෝකයටම ලබන වසර අවසාන වනවිට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ධනවත් රටවල් කැපවීමක් සිදුකළ යුතු බවයි.