බොකෝහරාම් නායකයා මියගිය බවට හඬපටයක් නිකුත් වෙයි

Monday, 07 June 2021 - 8:37

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%AC%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නයිජීරියානු බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලියේ නායක අබුබකර් ෂෙකාවු දිවි හානිකරගත් බවට සඳහන් හඬ පටයක් ඔහුගේ ප්‍රතිවාදී කල්ලියක් විසින් නිකුත් කර තිබෙනවා.  

බොකෝහරාම් කල්ලිය සහ බටහිර අප්‍රිකානු අයි.එස්. සන්නද්ධ කණ්ඩායම අතර ගැටුමකදී ඔහු මෙලෙස පුපුරුවාගැනීමක් සිදුකරගනිමින් මියගිය බවයි එහි දැක්වෙන්නේ.

හඬ පටය නිකුත් කර ඇත්තේ ප්‍රතිවාදි කල්ලියේ නායකයා වන අබුමුසාබ් අල් බර්නාවි විසින්.

2009 වසරේ සිය නායකයා පොලිස් අත්අඩංගුවේදී මියයෑමෙන් පසු බොකෝහරාම් සංවිධානයේ නායකත්වයට පත්වූ ෂෙකාවු යටතේ ප්‍රහාර රැසක් දියත් කෙරුණු අතර, එම ගැටුම්වලදී පුද්ගලයන් 30,000 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.

2014 වසරේ නයිජීරියාවේ චිබොක් ප්‍රදේශයේ පාසල් දැරියන් සිය ගණනක් පැහැරගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේද බොකෝහරාම් සංවිධානයටයි.