අධිවේගී දුම්රිය දෙකක් ගැටී පාකිස්ථානයේ දරුණු අනතුරක්

Monday, 07 June 2021 - 8:53

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
දකුණුදිග පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ ධාර්කි නගරයේ දී අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තවත් 50 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.

කරච්චි නුවර බලා ලාහෝරයේ සහ සර්ගෝදා සිට පැමිණි දුම්රිය දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දුම්රිය මැදිරි 14 ක් පීලිපැන ඇති අතර, ඉන් අටකට බරපතල හානි සිදුව ඇති බව පාකිස්ථාන මාධ්‍ය සඳහන් කළා.