ඕස්ට්‍රේලියාවෙන් ලොව විශාලතම ඩයිනසෝර් විශේෂයක්

Tuesday, 08 June 2021 - 10:34

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2007 වසරේ ඕස්ට්‍රේලියාවෙන් සොයා ගැනුනු නව ඩයිනසෝර විශේෂය ලොව විශාලතම ඩයිනසෝරයන් අතරට ගැනෙන බව විද්‍යාඥයන් අනාවරණ කරගෙන තිබෙනවා.

ඔස්ට්‍රලෝෂියන් කෝපරෙන්සිස් හෙවත් සදර්න් ටයිට්න් ලෙස හැඳින්වෙන මෙම ශාකභක්ෂක ඩයිනසෝර් විශේෂය මීටර 6.5 ක් පමණ උසකින් සහ මීටර 30 ක් පමණ දිගකින් යුක්තවන අතර, පැසිපන්දු පිටියක් තරම් විශාල බව සඳහන්.

මෙම ඩයිනෝසරයෙකුගේ සැකිල්ලක් නිරිතදිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මුලින්ම සොයා ගැනුනා.

මෙම ඩයිනසෝරයා හඳුනාගැනීමට සහ අනෙකුත් ඩයිනසෝර් වර්ගවලින් වෙන් කිරීම පිළිබඳව විද්‍යාඥයන් පසුගිය දශකයක පමණ කාලය තුළ උත්සහයක නිරතවුණා.

එම අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක් අනුවයි මෙම ඩයිනසෝර් විශේෂය වර්ගීකරණය කිරීමට හැකිවී ඇත්තේ.

සදර්න් ටයිට්න්, ඕස්ට්‍රේලියානු ඩයිනසෝරයා මීට වසර මිලියන 92 සිට 96 කට පෙර ක්‍රිටේසීය යුගයේ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ සැරිසැරූ බව විශ්වාස කෙරෙනවා.