ජගත් මහලේකම් ධුරයට යළිත් ගුටේරස්

Wednesday, 09 June 2021 - 14:02

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%83%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට දෙවන ධුර කාලයක් ලබාදීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිවුණා.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවති සංවෘත රැස්වීමේදී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාම ඊට ඒකමතිකව කැමැත්ත පළ කර තිබෙනවා.

ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපති එස්තෝනියානු තානාපති ස්වෙන් ජාගන්සන් මේ බව නිවේදනය කළා.

ලොව පුරා තවත් අපේක්ෂකයන් දස දෙනෙකු ජගත් සංවිධාන මහලේකම් ධුරය අපේක්ෂා කල ද ඔවුන්ගේ නම් ජගත් සංවිධානයේ සාමාජික රටවල් 193 අතුරෙන් කිසිවක් ඉදිරිපත් කර නැහැ.

පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වූ 72 හැවිරිදි අන්තෝනියෝ ගුටේරස් 2017 වසරේ සිට ජගත් සංවිධාන මහලේකම් ධුරය දරනවා.

ඔහු සිය ප්‍රථම ධුර කාලය තුල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒකපාර්ශවික, ජාතිකවාදී විදේශ ප්‍රතිපත්තියෙන් ජගත් සංවිධානයට සිදුවිය හැකිව තිබූ හානිය අවමකරලීමට පියවර ගත්තා.

නව ධුර කාලයේදී ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට ලොව පුරා පවතින අර්බුදවලට එරෙහිව ගැටුම් සැලැස්මක් සකස් කිරීමට සිදුවන ඇති.