ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ප්‍රථම විදෙස් චාරිකාවට නික්මෙයි

Wednesday, 09 June 2021 - 15:21

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් අද සිය ප්‍රථම විදෙස් චාරිකාව සඳහා නික්මුණා.

ඔහුගේ පළමු නැවතුම්පොල වන්නේ මෙවර ජී - 7 සංවර්ධිත රටවල සමුළුව පැවැත්වෙන එංගලන්තයයි.

ජනපති ජෝ බයිඩ්න් සහ ජිල් බයිඩ්න් ආර්යාව රැගත් එයාර් ෆෝස් වන් යානය මයිල්ඩෙන්හෝල් බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරට ගොඩබසින අතර එහි රැදී සිටින ඇමෙරිකානු භට පිරිස් ද මුණ ගැසෙනවා. හෙට දිනයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හමුවන ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් අනිද්දා සිට කෝන්වෝල් හි පැවැත්වෙන ජී - 7 සමුළුවට එක්වනු ඇති.

ජනපති බයිඩ්න් ලබන 13 වනදා වින්ඩ්සර් මැදුරේදී දෙවන එලිසබෙත් මහරැජින මුණ ගැසෙන අතර, ලබන 16 වනදා ජිනිවා නුවරදී රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සමග ප්‍රථම ද්වීපාර්ශවික සාකච්ඡාවට එක්වීමට නියමිතයි.