අමෙරිකාව යළි කරළියට - කොරෝනා එන්නත් මිලියන 500 ක් ලොව පුරා බෙදාදීමට සැරසේ

Thursday, 10 June 2021 - 9:07

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+500+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
අමෙරිකා එක්සත් ජනපදය විසින් ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500 ක් මිලදී ගෙන ඉදිරි වසර දෙක තුළ ලොව රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවකට බෙදා හැරීමට සැරසෙනවා.

බයිඩ්න් පරිපාලනය විසින් ඒ අනුව මේ වසරේදී එන්නත් මාත්‍රා මිලියන 200 ක් බෙදාහැරීමට නියමිත අතර, අඩු ආදායම්ලාභී සහ දුප්පත් රටවල් වෙත ඉතිරි එන්නත් මාත්‍රා මිලියන 300 ලබන වසරේදී ලබාදෙනු ඇති.

අමෙරිකානු මාධ්‍ය විසින් මේ බව අනාවරණ කර තිබූ අතර, ජනපති ජෝ බයිඩ්න් ජී-හත සමුළුවට සහභාගිවීම සඳහා එංගලන්තය බලා නික්මීමට පෙර ඒ බව තහවුරු කළා.

කෙසේ නමුත්, අමෙරිකාව විසින් දුප්පත් රටවලට කොරෝනා එන්නත් ලබාදීමේ පූර්ණ ක්‍රියාවලිය ජනපති බයිඩ්න් එංගලන්තයේදී ප්‍රකාශයට පත්කරනු ඇති.

ජනපති ධූරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඊයේ එංගලන්තයේ මිල්ඩෙන්හෝල් හි සෆෝක් ගුවන් හමුදා කඳවුර වෙත එයාර්ෆෝස් වන් නිල ගුවන් යානයෙන් පැමිණි ජනපති ජෝ බයිඩ්න් එහි රැඳී සිටින අමෙරිකානු හමුදා භට පිරිස් ඇමතුවා.

එහිදී ඔහු කියා සිටියේ අමෙරිකාව නැවතත් ජගත් කරළියට පැමිණ ඇති බවයි.

ජනපති බයිඩ්න් අද බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මුණගැසෙන අතර, ජී-හත සමුළුවට සහභාගි වනු ඇත්තේ ඉන් අනතුරුවයි.