ඇෆ්ගනිස්ථානයේ බිම්බෝම්බ ඉවත් කළ දස දෙනෙකු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Thursday, 10 June 2021 - 10:15

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ උතුරුදිග බග්ලාන් ප්‍රාන්තයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පිරිසක් අඟහරුවාදා රාත්‍රියේ මෙලෙස වෙඩි තබා ඇති අතර, එහිදී මියගොස් ඇත්තේ හැලෝට්‍රස්ට් සංවිධානයේ සේවකයින් පිරිසක්.

ප්‍රහාරය සම්බන්ධයෙන් අයි.එස්. සංවිධානය වගකීම භාරගෙන ඇති අතර, තලේබාන් සංවිධානය කියා සිටියේ එම සිද්ධියට තම සම්බන්ධයක් නොමැති බවයි.

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින අවසන් අමෙරිකානු හමුදා බලඇණි පසුගිය මැයි 01 වැනිදා සිට ඉවත් කර ගැනීම ආරම්භවීමත් සමඟ එරට ප්‍රචණ්ඩ ප්‍රහාර උත්සන්න වී තිබෙනවා.

හැලෝට්‍රස්ට් සංවිධානය 1988 වසරේ බි්‍රතාන්‍යයේ පිහිටවනු ලැබූයේ දශකයකට වැඩි කාලයක් ඇෆ්ගනිස්ථානයේ පැවති සෝවියට් පාලනයෙන් අනතුරුව එහි පැවති බිම්බෝම්බ ඉවත් කිරීමේ අරමුණෙන්.

ඊට ඩයනා කුමරියගේ සහ හැරී කුමරුගේද සහය හිමිවුණා.