අමෙරිකාවේ ටික්ටොක් තහනම ඉවතට

Thursday, 10 June 2021 - 10:37

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නව ජනපති ජෝ බයිඩ්න් ඊයේ පියවර ගත්තා.

සිය ප්‍රථම විදෙස් චාරිකාව සඳහා එංගලන්තය බලා නික්මීමට පෙර ඔහු විසින් ඒ සඳහා වූ නියෝගයක් නිකුත් කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චීන බයිට් ඩාන්ස් සමාගම සතු කෙටි වීඩියෝ හුවමාරු කර ගැනීමේ ටික්ටොක් යෙදවුම ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර, අමෙරිකාවේ එහි පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 100 ක් පමණ වනවා.

ජනපති ට්‍රම්ප් විසින් 2019 වසරේ ඊට එරෙහිව තහනමක් පැනවූයේ එය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්.

කෙසේ නමුත්, ජනපති බයිඩ්න් දැනුම් දී ඇත්තේ ටික්ටොක්, වී-චැට් වැනි චීන මෘදුකාංග යෙදවුම් පමණක් නොව එවැනි සියලුම යෙදවුම්වල අවදානම පිළිබඳව තහවුරු කළ හැකි කරුණු මත ඇගයීමක් සිදුකළ යුතු බවයි.