මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට

Thursday, 10 June 2021 - 10:56

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ මුම්බායි නුවර මලාද් ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඒ අසල පිහිටි පැල්පත් මතට කඩා වැටී පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 18 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති අතර, සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම සිද්ධිය වාර්තා වන්නේ මෝසම් වැසි ඇදහැලීම නිසා මුම්බායි නුවර ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී පැවති මොහොතකයි.

එහි ඇතැම් ප්‍රදේශවලට පැය 24 ක් තුළ මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.