කුඩා දරුවෙකුද යොදා ගනිමින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි යුවලක් අත්අඩංගුවට

Thursday, 10 June 2021 - 19:15

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AF+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කුඩා දරුවෙකුද යොදා ගනිමින් සුඛෝපභෝගී වාහනයකින් මහනුවර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි යුවලක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය අද සමත් වුණා.

මහනුවර - ලුවී පීරිස් මාවතේදී සිදුකළ එම වැටලීමේදී රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදල් සහ මත්කුඩු ග්‍රෑම් 60 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

සංචරණ සීමා පනවා තිබෙන නිසා, පොලිස් මාර්ග බාධක වලදී මෙම යුවල ප්‍රකාශ කර ඇත්තේ දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන තම 5 හැවිරිදි දරුවා රෝහල් ගත කිරීමට රැගෙන යන බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි අයෙකු වන අතර කාන්තාව ඔහුගේ අනියම් බිරිඳ බවට සැලකෙනවා.

අදාළ දරුවා එම කාන්තාවගේ පළමු විවාහයේ දරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.