එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කරන කිලෝ 250 අධික යකඩ බෝයාවක් වෙරළට (වීඩියෝ)

Thursday, 10 June 2021 - 19:25

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+250+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජල සාම්පල ලබාගෙන තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා එම අධිකාරියේ කණ්ඩායමක් මුහුදුබත් වෙමින් පවතින නෞකාව ආසන්නයට ගොස් ඇති බවයි.

මෙම නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානි අවදානම වසර 20 ක පමණ කාලයක් පවතිනු ඇති බව සැලකෙනවා.

එමෙන්ම, මුහුදුබත් වූ නෞකාවෙන් මෙරටට සිදුවූ පරිසර හානිය හේතුවෙන් ඊට සම්බන්ධ වූ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

එමෙන්ම, නිවේදනයක් නිකුත් කරමින් නාරා ආයතනය පෙන්වා දුන්නේ මෙම නෞකාවට අදාළ පර්යේෂණ කටයුතු මෙහෙයවීම තම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙහෙයවීම මත සිදුකරන බවයි.

එමෙන්ම, අද දිනයේදී අලුත්ගම - මොරගල්ල වෙරළ තීරයට මුහුදුබත් වූ නෞකාවේ යැයි සැක කරන කිලෝ 250 කට වඩා වැඩි යකඩ බෝයාවක් ගොඩගසා තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මාරවිල - තුඩාව වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකු සහ නොරොච්චෝල - ඉලන්තඩිය වෙරළට මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු ගොඩගසා තිබූ බව ද වාර්තා වුණා.