ශ්‍රී ලංකා කොරෝනා ප්‍රභේදය පසුබසී - මිශ්‍ර එන්නත් ගැන සුබ පණිවුඩයක් (වීඩියෝ)

Thursday, 10 June 2021 - 19:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%93+-+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකාව ආශ්‍රිතව මීට පෙර වාර්තා වූ මෙරටට ආවේණික වූ කොරෝනා ප්‍රභේදය මේ වනවිට යටපත් වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ බි්‍රතාන්‍යයේ බී එකයි එකයි හත වෛරස් ප්‍රභේදය මෙරට තුළ වැඩි වශයෙන් මේ වනවිට වාර්තා වන බවයි.

ඔවුන් පසුගිය මාසයට අදාළව සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව කොළඹට අමතරව මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදූව, මාතර, කරාපිටිය, මහනුවර සහ රාගම ප්‍රදේශවලින් බි්‍රතාන්‍ය වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව සඳහන්.

එසේම, මෙරට එන්නත්කරණ වැඩසටහනට අදාළව සිදුකෙරෙන ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් සහ සයිනොෆාම් එන්නත් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පර්යේෂණ තුනක් සිදුකරන බවද ඔහු කියා සිටියා.

ඔස්ට්‍ර්ලියාවේ මෙල්බර්න් නුවර කේන්ද්‍ර කරගෙන හට ගෙන ඇති නව කොරෝනා පොකුර නිර්මාණය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ රැදී සිට එහි ගිය අයෙකුගෙන් නොව ශ්‍රී ලංකාව හරහා එහි ගිය පුද්ගලයෙකුගෙන් බවට අනාවරණ වී තිබෙනවා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 2000 කට ආසන්න වී තිබෙනවා.

නමුත් දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සම්බන්ධයෙන් ජනතාවට පවතින්නේ අපැහැදිලි තත්ත්වයක්.

ඊට හේතු වී ඇත්තේ ඇතැම් කොවිඩ් මරණ එය සිදුවූ දිනයේම වාර්තා නොවී දින කිහිපයකට පසු තහවුරු කිරීම හේතුවෙන්.

මේ අතර, කොරෝනා මර්දන කටයුතු සඳහා දැනට සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයන් එම කටයුතු සඳහා සක්‍රිය දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1811 දෙනෙකු සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව දැනට දැක්වෙන්නේ එක්ලක්ෂ 82,238 ක් ලෙසයි.

මේ අතර, කොස් ගසකින් ඇද වැටී සුෂුම්නාවට හානි සිදුව තිබූ කොරෝනා ආසාදිත 60 හැවිරිදි පුද්ගලයෙකු නිර්වින්දනය කර සාර්ථකව සැත්කමක් සිදුකර තිබෙනවා.

ඒ, මහනුවර ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර ඇතුළු කණ්ඩායම විසින්.