ශ්‍රී ලාංකිකයෙකු අමරිකානු ජනපති කොමිසමකට

Thursday, 10 June 2021 - 20:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7
ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල්  අමරිකානු ධවල මන්දිර සමාජිකත්ව වැඩසටහන සඳහා වන ජනාධිපති කොමිසමට පත් කිරීමට අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් වසර 40කට අධික අත්දැකීම් ඇති ප්‍රවීණ අධ්‍යාපනඥයෙක්.

මීට දශක දෙක හමාරකට පෙර අමරිකාවට සංක්‍රමණය වූ ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව යන විෂයන් සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත්තේ ටෙනසි හි වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙන්.

අමරිකානු ජනපති කොමිසමකට පත් කෙරුණු ශ්‍රී ලාංකික  පසුබිමක් සහිත පළමු පුද්ගලයා ඔහුයි.