ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, ද්වීපාර්ශවික සහයෝගිතාව තවදුරටත්

Thursday, 10 June 2021 - 20:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, ද්වීපාර්ශවික වශයෙන් ආර්ථික සහ වානිජ සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවධානය යොමුකළ හැකි බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා ආයෝජන සංසදයේදී අදහස් දක්වමින්.

වරාය, නාවික කටයුතු, බලශක්ති, තොරතුරු තාක්ෂණ, සංචාරක, කර්මාන්ත, ප්‍රවාහන, දේපල වෙළඳාම්, සෞඛ්‍ය, අධ්‍යාපන මෙන්ම, කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්වල සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි බවයි ඔහු එහිදී කියා සිටියේ.

ආර්ථික අන්තර් ක්‍රියා ප්‍රවර්ධනයට, ස්ථායි සහ පුරෝකතනය කළ හැකි ප්‍රතිපත්ති ඉතා වැදගත් බව ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.