එන්නත්කරණයට 03වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇනවුම් කරන්න - ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

Thursday, 10 June 2021 - 20:42

%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+03%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%87%E0%B6%B1%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සෞඛ්‍ය නිර්දේශවලට අනුව කොවිඩ් -19 ලෝක තත්වය සලකා බලා එන්නත්කරණයට 03 වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇනවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ලොව ප්‍රධාන පෙලේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේවන විටත් ඇණවුම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවදානයක් යොමු කරමින් තුන්වන මාත්‍රාව සඳහා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා.

එම තරගකාරී තත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමග සාකච්ඡා කර සහය ඉල්ලා සිටි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියාසිටියේ.

ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිදභාවයකින් හා විධිමත්ව ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේවන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් ඉන්නත ලබාදීමේ අවශ්‍යතාව ඔහු පෙන්වාදී තිබෙනවා.

ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙළෙන සියලුදෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්වයට පත්වීම වළක්වාගත හැකි බවයි කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.

විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබාගන්නා සියලුදෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා.

එමගින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ඉන්නත ලබාගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන්කර ගැනීමට ද හැකියි.

මේවන විට එන්නත් ලබාගෙන ඇති සහ ඉදිරියට ලබාගන්නා සියලුදෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුලත් කිරීම සහ එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමට ද රජය අපේක්ෂා කරනවා.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ලවී තිබෙන බවයි මෙම සාකච්ඡාවේදී හෙළිවුයේ.

එය සැළකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට ද කොවිඩ් විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.