අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

Friday, 11 June 2021 - 6:32

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම් ඇතුළු පස් දෙනෙකුට 2018 වසරේ දී රැකවරණය ලබාදීමේ චෝදනාව මත මුතිලියාගම ප්‍රදේශයේ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගත් මොහු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මොහොමදු කනීම් මොහොමදු රියල්දීන් නැමැති අයෙකු බවයි.

මීට අමතරව ආගමික අන්තවාදය පැතිරවීමට ආධාර අනුබලදීමේ සිද්ධියක් මත දැනට මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටින කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මවුලවිවරයෙකුද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.