අනුමැතියෙන් තොරව ගෙනා ඔක්සිමීටර oximeter තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

Friday, 11 June 2021 - 6:37

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+oximeter+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව අලෙවි කළ ඔක්සිමීටර oximeter තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

කොළඹ කොටහේන මැසෙන්ජර් වීදියේ මහල් නිවාසයක මෙම භාණ්ඩ අලෙවි කර තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සහ ඖෂධ නියාමන අධිකාරිය එක්ව මෙම වැටලීම සිදුකලා

ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා මෙම උපකරණය භාවිතා කරන අතර මේ දිනවල මෙම උපකරණ සඳහා පවතින්නේ අධික ඉල්ලුමක්.

සොයාගත් ඔක්සිමීටර කොටසක් මෙම මහල් නිවාස සංකීර්ණයේ වාහන අංගනයේ වාහන කීපයක් තුළ තිබී සොයා ගත් අතර ඉතිරි කොටස
එම මහල් නිවස සංකීර්ණයේ නිවසක් පරික්ෂා කිරීමේදී සොයාගෙන තිබෙනවා.

මේවා මෙරටට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා නොමැති අතර මෙම උපකරණ තත්ත්වයෙන්ද බාල ඒවා බවයි පැවසෙන්නේ.

වැටලීමේදී ඔක්සිමීටර 3400ක් පොලිස් භාරයට ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික වන බවයි ඖෂධ නියාමන අධිකාරිය කියා සිටින්නේ.

මෙම සිද්දියට සැක පිට තිදෙනෙක් අත්අඩංගුවට ගත් අතර විමර්ශනවලින් අනතුරුව ඔවුන් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.