කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එන්නත් රාජකාරිවලින් ඉවත් වෙයි

Friday, 11 June 2021 - 8:20

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එන්නත්කරණ රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇති බව තමාට දැනුම්දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ සිට මොවුන්ට අමතරව ග්‍රාම නිලධාරිවරුන් සහ සමෘද්ධි නිලධාරිවරුන් ඇතුලු පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ  නිරතවන බවයි.

සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල එන්නත්කරණ වැඩසටහනට බලපෑම් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශයක් සමඟ මොවුන් මෙලෙස එන්නත්කරණ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බවට දැනුම්දී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න තවදුරටත් කියා සිටියේ.

මේ අතර,  වෛද්‍ය සේවාවේ අමතර දීමනා ඉහළ දැමීමට සාපේක්ෂව දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අද පෙරවරු 7 සිට පැය 4 ක් සේවයෙන් ඉවත්වීමේ සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කළා.

එසේම, වනජීවී නිළධාරීන්ට කොවිඩ් මර්ධන එන්නත මේ වන තෙක් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට තීරණය කර ඇති බව වනජීවී නිළධාරීන්ගේ සංගමය පවසනවා.

මේ දිනවල රජය විසින් ගෙන්වනු ලබන විදේශිකයන්ගේ මාර්ග උපදේශ සේවාවන් වෙනුවෙන් මෙම කාලසීමාව තුල සංචරණ සීමා පැවතිය ද පැය 24 පුරා නිළධාරින් සේවය කිරීම හේතුවෙන් වනජීවි නිළධාරින් දැඩි අවධානමක් සහිතව සේවා කටයුතු වල නිරත වන බවද එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සදහන් කළා.

මේ අතර ගත වු දිනයේදි නව ආසාදිතයින් 2738 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 16,134 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,715 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන්හි සිට පැමිණි 23 දෙනෙකුද නව ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 31,986 ක්.

එමෙන්ම සුවය ලැබූ මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 82,238 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.