එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ලබාගන්න ජාත්‍යන්තර නීති උපදේශකයින්ගේ සහය

Friday, 11 June 2021 - 8:23

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
එම් වී එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිණිගැනීම හේතුවෙන් මෙරටට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීති උපදේශකයන්ගේ සහය ලබා ගන්නා බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බවයි.

මේ වන විට මුහුදුබත් වෙමින් පවතින නෞකාව ආශ්‍රිත මුහුදේ නිරීක්ෂණය වී ඇති තෙල් පැල්ලම් සම්බන්ධයෙන් ද පරික්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර, නෞකාව ගිනි ගැනීමෙන් සහ සාගරයට සිදුවූ හානිය හේතුවෙන් රැකියා අහිමි වූ ධීවරයන් සඳහා මෙතෙක් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නොමැති බවට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළා.