ඉතියෝපියාවේ සාගතයක්

Friday, 11 June 2021 - 8:35

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉතියෝපියාවේ දරුණු සාගතයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ට්‍රිගරි ප්‍රදේශයේ පමණක් තුන්ලක්ෂ පනස් දහසක ජනතාවක් සාගතයෙන් පෙළෙන බවයි.

මෙම ප්‍රදේශයේ රජයේ හමුදා සහ අන්තවාදීන් අතර කළක සිට ගැටුම් පවතින අතර, මේ හේතුවෙන් මිලියන 1.7 ක ජනතාවක් අවතැන්ව ඇති බවද වාර්තාවනවා.

පවතින ගැටුම් සාගතයෙන් පෙළෙන ජනතාවට සහන සැළසීම සඳහා බාධාවක් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.