දෙල්ගොඩ අනතුරකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

Friday, 11 June 2021 - 9:21

%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීගහවත්ත - දෙල්ගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

දෙල්ගොඩ - අළුබෝවිල මාර්ගයේ දෙල්ගොඩ දෙසට ධාවනය වු යතුරු පැදියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් මියගිය යතුරුපැදියේ ගමන් ගත් 30 හැවිරිදි පුද්ගලයා සහ 42 හැවිරිදි කාන්තාව මොරගල සහ දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.