ඊයේ ගම්පහින් ආසාදිතයන් 575 ක් සහ කොළඹින් 339 ක්

Friday, 11 June 2021 - 10:07

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+575+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+339+%E0%B6%9A%E0%B7%8A
මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 2,738 දෙනා අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 575 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 171 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 339 දෙනෙකු ඊයේ හඳුනාගත් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව නුවරඑළිය, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබුණා.