කොරෝනා එන්නත් බිලියනයක් ලබාදෙන්න ජී - 7 සමුළුවේ අවධානය

Friday, 11 June 2021 - 10:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93+-+7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
අද ආරම්භවීමට නියමිත ජී හත සමුළුවේදී ලොව දුප්පත් රටවලට කොරෝනා එන්නත් බිලියනයක් ලබාදීම සඳහා එකඟත්වයක් ඇතිකරගැනීමට හැකිවනු ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ලබන වසර අවසානය වනවිට එම එන්නත් ලබාදී අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

එසේම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් සතුව පවතින අමතර කොරෝනා එන්නත් මිලියන 100 ක් පමණ ඉදිරියේදී වෙනත් රටවලට ලබාදීමට කටයුතු කරන බවයි.

මීට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ද තම රට විසින් කොරෝනා එන්නත් මිලියන 500 ක් වෙනත් රටවලට ලබාදීමට කටයුතු කරන බව කියා සිටියා.