දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනපති අතින් විවෘත වෙයි (වීඩියෝ)

Friday, 11 June 2021 - 11:55

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දකුණු ආසියාවේ ඉදිකළ විශාලතම වෘක්කවේද විශේෂිත රෝහල මීට ටික වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුනා.

සම්පූර්ණයෙන්ම චීනයෙන් ලද පරිත්‍යාගයකින් ඉදිකෙරුණු මෙම චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහල වකුගඩු රෝගීන් සඳහා අවශ්‍යකරන සියලු පහසුකම්වලින් සමන්විතයි.

ඓතිහාසික පොළොන්නරුව නගරයේ පිහිටා ඇති මෙම රෝහල විවෘත කිරීමේ අවස්ථාව සඳහා මෙරට චීන තානාපති කුයි ෂේන් හොන්ග් ද එක්ව සිටියා.