මොරටුව නගරාධිපති සමන්ලාල්ට ඇප

Friday, 11 June 2021 - 12:33

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
එන්නත්කරණ කටයුතුවල නිරත වෙමින් සිටි වෛද්‍යවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ, ඔහු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන් දුරුගොඩ වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයී.

එහිදී නගරාධිපතිවරයාව රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට වන නියෝගයක් ද නිකුත් කරනු ලැබූවා.

පොලීසිය සඳහන් කළේ නගරාධිපතිවරයාට දින 14ක් නිවසේ ස්වයං නිරෝධායන වන ලෙසටද අධිකරණය මගින් දැනුම් දී ඇති බවයි.

මේ අතර වවුනියාව - ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මුව ආවරණ නොමැතිව යතුරුපැදියක ගමන් කරමින් සිටියදී අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පසුගිය 9 වනදා ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදී ඇත්තේ.