නෞකාව අවටින් ගත් සම්පලවල ඇති තෙල් නෞකාවෙන් කාන්දුවූවා දැයි තවදුරටත් පරීක්ෂණ

Friday, 11 June 2021 - 13:04

%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B6%BD+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ගිනි ගැනීමට ලක්ව මුහුදුබත්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අවට ප්‍රදේශයෙන් ලබා ගත් තෙල් සාම්පල නෞකාවේ තෙල් කාන්දුවකින් ඇති වූ ඉන්ධන දැයි තහවුරු කර ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම අධිකාරියේ නිලධාරීන් අදාළ සාම්පල ලබා ගත් අතර, මේ වන විටත් ඒ පිළිබද පර්යේෂණ සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් චන්ද්‍රිකා ඡායාරූප මගින් දර්ශනය වන බවට ජාත්‍යන්තර මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

මේ අතර, අදාළ නෞකාවේ තිබූ බහාලුමක කොටසක් බවට සැක කෙරෙන ලෝහ කැබැල්ලක් හලාවත - මුතුපන්තිය දූපතට ගසාගෙන විත් තිබෙනවා.

ඊයේ පස්වරුවේ වෙරළේ තිබී අදාළ ලෝහ කැබැල්ල සොයා ගත් බවයි ප්‍රදේශයේ ධීවරයින් සඳහන් කළේ.

එමෙන්ම, පොලිතින් කැට බහා තිබූ බෑගයක් ද එහිදී සොයාගෙන ඇති බව සඳහන්. අදාළ කොටස් වැඩිදුර විමර්ශන සඳහා ආරච්චිකට්ටුව පොලීසිය වෙත භාරදී තිබෙනවා.

එමෙන්ම, මෙම නෞකාවෙන් මුහුදට එක්වූ බවට සැක කෙරෙන ප්ලාස්ටික් කොටස් මන්නාරම - සිලාවතුර මුහුදු ප්‍රදේශයෙන් ද හමුවී තිබෙනවා.

වෙරළට ගොඩගසා තිබියදී සොයා ගැනුණු අදාළ ප්ලාස්ටික් කොටස්වල සාම්පල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් කියා සිටියේ.

එසේම ඊයේ අලුත්ගම - මොරගල්ල - වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන ආ බෝයාව එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අයත් වූවක් ද යන්න සොයා බැලීම සඳහා බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලය මගින් නාරා ආයතනයට භාර දී තිබෙනවා.

මේ අතර, නෞකාවේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍ර ප්‍රහාරී, වජ්රා සහ වෙබාව් යන නෞකාවන් සහය ලබාදීම සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සිය ස්තූතිය පළ කරනු ලැබුවා.

එම සේවය අගයමින් ලිපි ප්‍රදානය කිරීම ඊයේ කොළඹ වරාය පරිශ්‍රයේදී සිදුකෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ.