ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි (වීඩියෝ)

Friday, 11 June 2021 - 13:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ලැබී තිබෙනවා.

යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබුණු අතර, 40 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමෙන් පසු අවලංගු කර ජාත්‍යන්තර ත්‍රස්තවාදී පිළිවෙත් අනුගමනය කරන ත්‍රස්ත විරෝධී නීති මගින් එය ප්‍රතිස්ඨාපනය කරන ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් බදු සහනය  තාවකාලිකව අත්හිටුවන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.