සතොසේ මත්පැන් රැගෙන යාම ගැන ඇමති බන්දුල වාර්තාවක් කැඳවයි

Friday, 11 June 2021 - 13:16

%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර අංක එක ලක් සතොස ශාඛාවේ මත්පැන් තොගයක් රැගෙන යාම සම්බන්ධයෙන් ලබන සතිය ඇතුළත පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේ වාර්තාව ලබා දීමට නියමිත බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන මෙම කාලසීමාවේ සුරාබදු දෙපාර්තුමේන්තුව සියළු මත්පැන් අලෙවිසැල්  මුද්‍රා තබා තිබියදී අනුරාධපුර අංක එක ලංකා සතොස ශාඛාවේ මත්පැන් බෝතල් තොගයක් පුද්ගලයෙකුට අලෙවි කිරීම පුවතක් හිරු ප්‍රවෘත්ති අනාවරණය කළේ පෙරේදායි.

සතොස ආයතනයේ ඉහළ බලධාරියෙකුගේ උපදෙස් මත සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිළධාරියෙකු ද පැමිණ අලෙවි මධ්‍යස්ථානයේ කළමණාකාරවරිය සහ මත්පැන් අලෙවි සැල භාරව කටයුතු කළ සේවකයා ද හවුල් කර ගනිමින් මෙම ක්‍රියාව සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය වන අවස්ථාවේ එම ගබඩාවේ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය කර හෝ අක්‍රිය වී ඇති බවයි සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.