සැන්ඩෝ හැරිස් දිවිගමනින් සමුගනී (වීඩියෝ)

Friday, 11 June 2021 - 13:54

%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජනප්‍රිය රංගන ශිල්පි සැන්ඩෝ හැරිස් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද උදෑසන හැව්ලොක් පෙදෙසේ නිවසකට ගිය අවස්ථාවේ ඇතිවූ හදිසි රෝග තත්වයකින් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඔහුගේ දේහය මේ වනවිටත් අදාළ නිවසේ තිබෙන අතර, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව දේහය කළුබෝවිල රෝහල වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

දෙහිවල - සරණංකර පාරේ පදිංචි සැන්ඩෝ හැරිස් මියයනවිට 58 වන වියේ පසුවුණා.

ජනප්‍රිය ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ සාජන්ට් චරිතය අවසන් වරට රඟ දක්වනු ලැබුවේ ඔහු විසින්.