සංචරණ සීමා 21 වනදා දක්වා දීර්ඝ කෙරේ (වීඩියෝ)

Friday, 11 June 2021 - 17:20

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+21+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලබන 14 වනදා ඉවත් කිරීමට නියමිතව තිබූ සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ 21 වනදා අලුයම හතරට එම සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

සංචරණ සීමා දීර්ඝ කළ ද අත්‍යාවශ්‍ය සේවා, කර්මාන්ත සහ ඉදිකිරීමේ ස්ථාන, ඇගලුම් කර්මාන්තශාලා, කෘෂිකාර්මාන්ත කටයුතු, කාබනික පොහොර නිෂ්පාදන, ආර්ථික මධ්‍යස්ථාන මෙන්ම සතිපොළ ද විවෘතව තැබීමට හැකියාව පවතින බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ යුතු දින වකවානු ඉදිරියේදී දැනුම් දෙන අතර, සතිපොළ විවෘත කළ ද සීමිත පිරිසකට පමණක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැමිණිය හැකියි.