කොරෝනා මරණ හත් ගුණයකින් වැඩි බවට පළවන වාර්තා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි

Sunday, 13 June 2021 - 9:15

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ කොරෝනා මරණ නිල වාර්තාවල සඳහන් වන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක් විය හැකි බවට පළ වන වාර්තා ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා.

එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ දත්ත විශ්ලේෂණ වසංගත රෝග විද්‍යා සාක්ෂිවලින් තොරව ගොනුකර ඇති බවයි.

ද ඉකොනොමිස්ට් සඟරාව පළ කළ වාර්තාවක දැක්වුණේ ඉන්දියාවේ කොරෝනා මරණ නිල වාර්තාවල දැක්වෙන සංඛ්‍යාවට වඩා පස් ගුණයක් හෝ හත් ගුණයක් විය හැකි බවයි.

කෙසේ නමුත් අදාළ නිගමනයට එළැඹී ඇත්තේ තහවුරු නොකළ ප්‍රාදේශීය දත්ත උපයෝගී කරගනිමින් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කොරෝනා මරණ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදිනියක සිදුකළ විශ්ලේෂණයකින් පෙනී යන්නේ එහි වාර්තාගත කොරෝනා මරණවලට වඩා කිහිප ගුණයක් මරණ එහි සිදුව ඇති බවයි.

ඇය 2018 සහ 2019 වසරවල අප්‍රේල් සහ මැයි මාස තුළ ප්‍රාන්තයේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව ලබාගෙන ඇති අතර, එහි සාමාන්‍යය 59,000 ක්.

එහෙත් මේ වසරේ අප්‍රේල් සහ මැයි මාසවල මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කොරෝනා මරණ 230,000 ක් සිදුව තිබෙනවා.

එය පෙර වසරවලට සාපේක්ෂව 290% ක වැඩිවීමක්.

එහෙත් ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් සහ මැයි මාසවල කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 4100 ක් පමණක් බවයි.

ඒ අනුව අතිරික්ත මරණ 174,000 න් වැඩි ප්‍රමාණයක් කොරෝනා මරණ විය හැකි බවයි එම ජනමාධ්‍යවේදිනිය පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ කොරෝනා මරණ මේ වනවිට 367,000 ඉක්මවා ඇති අතර, එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 29,359,000ක්.