කෝටි 200 හෙරොයින් තොගය පිටුපස හරක් කටාගේ ගෝලයෙක් (වීඩියෝ)

Sunday, 13 June 2021 - 12:41

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+200+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වැලිගම - මිරිස්ස - පොල්අතුමෝදර වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 කට වැඩි වටිනාමකින් යුත් හෙරොයින් තොගය මෙරටට ගෙන්වීම පිටුපස හරක් කටා නමින් හඳුන්වන ප්‍රබල පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු සිටින බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ මුහුදු මාර්ගයෙන් විශාල ප්‍රමාණයේ බහුදින යාත්‍රා යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

විශාල ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා මගින් ගෙන එන මත්කුඩු පසුව මුහුද මැදදී කුඩා බෝට්ටුවලට පටවා ඇසුරුම් කර අනතුරුව බෙදා හැර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 09 දෙනා මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයින් බව පොලිසිය ප්‍රකාශ කළා.

රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව අද අලුයම සිදුකළ මෙහෙයුමකදි කිලෝග්‍රෑම් 219ක අධික හෙරොයින් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

අදාළ හෙරොයින් තොගය බහුදින යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඩිංගි යාත්‍රාවකට පටවා පොල්අතුමෝදර වෙරළ තීරයේදී ගොඩබිමට ප්‍රවාහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමේදි ගෑස් සිලින්ඩර සහ ගෝනි වල සූක්ෂම ලෙස සඟවා තිබු මෙම හෙරොයින් තොගය සොයා ගත්තා.

පෙරේදා දිනයේදි මාතර කෝට්ටේගොඩ ධීවර වරයෙන් පිටත්ව ගොස් ඇති අදාල බහුදින ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් මෙම හෙරොයින් තොගය ලබා ගන්නට ඇති බවට සැක පලකරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories