චීනයේ ගෑස් නළ මාර්ගයක පිපිරීමකින් 12ක් මරුට

Sunday, 13 June 2021 - 13:59

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ හුබෙයි පළාතේ ෂියාන් නගරයේ ගෑස් නළ මාර්ගයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 138 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 37 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෂියාන් නගරයේ පිහිටි රෝහල්වලට ඇතුළත් කළ එම පිරිසට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා ඉදිරිපත් වන ලෙස රෝහල් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්.

ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව ඇති අතර, ගොඩනැගිල්ලටද පිපිරීමෙන් දැඩි හානි සිදුව තිබෙනවා.

අනතුරත් සමඟ එහි සිටි පුද්ගලයින් 150 දෙනෙකු ඉන් ඉවත් කර ගැනීමටද ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව සඳහන්.