ඊශ්‍රාලයේ වසර 12ක නෙතන්යායු පාලනය බිඳ වැටේ

Monday, 14 June 2021 - 6:24

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+12%E0%B6%9A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ඊශ්‍රායලයේ වසර 12 ක් පාලන බලය හෙබ වූ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුව බිඳ දමමින් නව සන්ධාන රජයක් කනසෙට් හෙවත් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී පිහිටුවා ගනු ලැබුවා.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූයේ දක්ෂිණාංශික ජාතිකවාදී නායකයෙකු වන නැෆ්ටාලි බෙනට්.

නෙතන්යාහු රජය විශ්වාසභංගයකින් පරාජය කිරීම සඳහා ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඊයේ 60 ට 59 ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළා.

නව රජය විවිධ මතවල් දරන විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සමන්විතයි.

ඒ අනුව නැෆ්ටාලි බෙනට් 2023 වසර දක්වා පාලන බලය හොබවන අතර, ඉන් පසු මධ්‍ය දක්ෂිණාංශික යෙෂ් අටින් පක්ෂයේ නායක යයීර් ලැපිඩ් ඊළඟ වසර දෙක සඳහා අග්‍රාමාත්‍ය ධූරය හොබවනු ඇති.

ඊශ්‍රායල දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම කාලයක් පාලන බලය හෙබ වූ නෙතන්යාහු දක්ෂිණාංශික ලිකුද් පක්ෂයේ නායකයා ලෙස මෙන්ම විපක්ෂ නායකයා ලෙසද කටයුතු කරනු ඇති.

ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විශ්වාසභංග විවාදයේදී බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තමන් නැවතත් නියත වශයෙන්ම බලයට පැමිණෙන බවයි.

ඊශ්‍රායලයේ ආණ්ඩු පෙරලිය එරට අභ්‍යන්තර කටයුත්තක් වන අතර, එමඟින් තම ස්ථාවරය වෙනස් නොවන බවයි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ප්‍රකාශ කළේ.

1967 වසරේ යුද්ධයට පෙර පැවති දේශසීමාවන් හි ජෙරුසෙලම අගනුවර කරගත් පලස්තීන රාජ්‍යයක් බිහි කිරීම තම අරමුණ බව ඔහු අවධාරණය කළා.