අමෙරිකානුවන්ට කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 309 ක්

Monday, 14 June 2021 - 12:52

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+309+%E0%B6%9A%E0%B7%8A
මේ වනවිට අමෙරිකානුවන්ට කොරෝනා එන්නත් මාත්‍රා තිස්කෝටි අනූතුන් ලක්ෂ විසි දෙදහස් පන්සීය හතලිස් හතරකට ලබාදී ඇති බව සී.ඩී.සී. හෙවත් එරට රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය නිවේදනය කළා.

ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු දත්ත වලට අනුව රට පුරා මේ වනවිට බෙදා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව තිස්හත් කෝටි හතලිස් තුන් ලක්ෂ අනූ අටදහසකට අධිකයි.

අමෙරිකානුවන් දාහත් කෝටි තිස්අට ලක්ෂ හතලිස් දහසකට මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර, පූර්ණ එන්නත්කරණය ලැබූ සංඛ්‍යාව දාහතර කෝටි තිස්නවලක්ෂ විසි එක්දහසකට අධිකයි.

අමෙරිකානුවන්ට මෙලෙස ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා දෙකක් ලබාදෙන ෆයිසර් සහ මොඩර්නා එන්නත් මෙන්ම එක් මාත්‍රාවක් පමණක් ලබාදිය යුතු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත්.