චීනයේ හමුදා අතපෙවීම් ගැන නේටෝ නායකයන් කථා කරයි

Tuesday, 15 June 2021 - 9:24

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%B4%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7%E0%B7%9D+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
චීනය සිදුකරන හමුදා අතපෙවීම් සම්බන්ධයෙන් නේටෝ නායකයන් අනතුරු අඟවා තිබෙනවා.

ඒ, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවැත්වෙන නේටෝ සමුළුවේදියි. චීනයේ එම හැසිරීම් විශාල අභියෝගයක් වී ඇති බවයි නේටෝ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ.

නිරන්තරයෙන් චීනය තම න්‍යෂ්ටික හැකියාවන් පුළුල් කරමින් සිටින අතර, හමුදාමය නවීකරණයන් සිදුකරන බව එහිදී ඔවුන් පෙන්වා දී තිබෙනවා.

චීනයේ හමුදාමය සහ තාක්ෂණික හැකියාව යුරෝපා රටවල් 30 කින් සහ උතුරු ඇමරිකානු රටවල සාමාජිකත්වයෙන් යුත් නේටෝ සංවිධානයේ හමුදාමය හැකියාවන්ට ආසන්න වී ඇති බවයි නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් අනතුරු අඟවා ඇත්තේ.

කෙසේ වෙතත් නේටෝ සංවිධානයට චීනය සමඟ සීතල යුද්ධයක් අනවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.