ගාසා තීරය යළි ඇවිලේ

Wednesday, 16 June 2021 - 8:14

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරයේ දින 25 කට පසු යළිත් ගැටුම් ඇතිව තිබෙනවා.

ඊශ්‍රායල් හමුදා නැවතත් බදාදා රාත්‍රියේ ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කල බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදා පවසනවා.

ඔවුන් කියා සිටියේ පෙර දින ගාසා තීරයේ සිට දියත් කළ ගිනි අවුලුවන ලද බැලූන් හේතුවෙන් දකුණු ඊශ්‍රායලයේ ගින්නක් ඇති වූ බවයි.

පලස්තීන නිල පුවත් ඒජන්සිය වන WAFA ද ඛාන් යුනිස් ප්‍රදේශයට  ගුවන් ප්‍රහාර එල්ල කෙරුණු බවට වාර්තා කළ අතර සිදුවීම් හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව තහවුරු කලා.

මාසයක් පමණ සටන් විරාමයක් ක්‍රියාත්මක වූ ගාසා තීරයේ සිදු වූ පළමු ගුවන් ප්‍රහාර මෙයයි.

පසුගියදා ජෙරුසලමේ පැවති ප්‍රකෝපකාරී පාගමනට විරෝධය පළ කරමින් මෙම ගිනි බැලූන් දියත් කළ බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා.

එම පෙළපාළියට සහභාගී වූ අන්ත දක්ෂිනාංශික යුදෙව් අන්තවාදීන් "අරාබිවරුන්ට මරණය" සහ "මේ අපේ නිවස" යනුවෙන් සටන් පාථ කියමින් හඪ නැගූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී ඊශ්‍රායල ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් පසු පලස්තීන විරෝධතාකරුවන් තිස් තිදෙනෙකු තුවාල ලැබූ අතර, හය දෙනෙකු රෝහල් ගත කලා.

පසුගියදා බලයට පත්වූ දක්ෂිණාංශික අගමැති නෆ්තාලි බෙනට්ගේ නායකත්වයෙන් යුත් ඊශ්‍රායලයේ නව රජය මුහුණ දුන් පලමු ගැටුම මෙයයි