බ්‍රසීලයේ මරණ ලක්ෂ පහ පනී

Sunday, 20 June 2021 - 8:54

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%84+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
බ්‍රසීලයේ කොරෝනා මරණ ලක්ෂ පහ ඉක්මවා තිබෙනවා.

එය දැක්වුණේ 500,868 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවුණා.

එරටින් නව මරණ 2,247ක් සහ ආසාදිතයන් 81,574 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඉන්දියාවේ ආසාදිතයන් වාර්තාවීම මේ වනවිට සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති අතර, ගතවූ පැය විසි හතරේ එරටින් වාර්තාවූයේ නව මරණ 1,239ක් සහ ආසාදිතයන් 58,588ක් පමණයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 178,937,456ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.