ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට, වන්දි දෙන්න මධ්‍යම රජය බැහැ කියයි

Sunday, 20 June 2021 - 9:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ හතරක වන්දියක් ලබාදිය නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එවැනි වන්දි ලබාදීමක් සිදු කෙරෙන්නේ ස්වභාවික ආපදා තත්වයකදී පමණක් බවයි මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී ඇත්තේ.

එමෙන්ම කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ පවුල්වලට එලෙස වන්දි ලබාදීමක් සිදු කළහොත් එය වෙනත් රෝගී තත්වයන්ගෙන් මියයන අයට සිදුකරන අසාධාරණයක් බව මධ්‍යම රජයේ මතය වී තිබෙනවා.

පසුගිය ජූනි 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 4 ක වන්දි මුදලක් ලබාදෙන ලෙසයි.