ගජමුතු සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 20 June 2021 - 22:12

%E0%B6%9C%E0%B6%A2%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගජමුතු හතරක් රැගෙන යාමට සුදානම්වු  පුද්ගලයින් දෙදෙනෙකු අද (20) හියාරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලදධාරීන් විසින්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමණ පොලිස් වසමේ හියාරේ කදුරුගස්හේන පදිංචි 42හැවිරිදි පුද්ගලයෙක් සහ 31 හැවිරිදි පුද්ගලයෙක්.

ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුවයි රත්ගම විශේෂ බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්විම සඳහා ගජමුතු හික්කඩුව වනජීවි කාර්යාලයට ලබා දී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories