සංචරණ සීමා අවසන් - පළාත් අතර ගමන් කිරීම තවදුරටත් තහනම්

Monday, 21 June 2021 - 7:59

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මාසයකට ආසන්න කාලයක් මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා තහනම අද (21) අලුයම 4ට ලිහිල් කෙරුණා.

කෙසේ වෙතත්, පළාත් අතර, සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි රජය ප්‍රකාශ කළේ.

අද ලිහිල් කෙරුණු සංචරණ සීමා මේ මස 23 වන දා රාත්‍රී 11 සිට 25 වනදා අලුයම 4 දක්වා යළි ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරුණ ද දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් අලුයම සිට හුදකලා කෙරෙනු බවයි  බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

ඊට අමතරව දිස්ත්‍රික්ක 12කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 82ක් ද අද (21) සිට හුදෙකලාභාවයෙන් ඉවත් කෙරුණා.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව අද (21) සිට ජූලි මස 05 වනදා දක්වා අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) පස්වරුවේ නිකුත් කෙරුණා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ සහ අනෙක් පළාත්වල ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ එහි වෙන් වෙන් වශයෙන් දක්වා තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක ප්‍රකාශ කළේ අද සිට ලංගම බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය කරන බවයි.

කෙසේ වෙතත් අන්තර්පළාත් බස් ධාවනය සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේදැයි සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories