මිනුවන්ගොඩ සරුංගල් ආරවුලේ බිල්ලක් වූ සුදූගේ ඝාතකයන් අල්ලයි (වීඩියෝ)

Monday, 21 June 2021 - 11:20

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%96%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් මිනුවන්ගොඩ, කොටගෙදර ප්‍රදේශයේදී ඊයේ (20) සිදුවූ ඝාතනයට අදාල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 49, 24 සහ 22 යන වයස්වල පසුවන එකම පවුලේ තිදෙනෙක් බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (21) දින මිනුවන්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් දෙපිරිසක් අතර වසර 04ක සිට පැවතගෙන එන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිද්ධියට අදාළ පාර්ශවයක තරුණයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඊයේ ඝාතනය කෙරුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ 25 හැවිරිදි ලක්මාල් ද සිල්වා හෙවත් 'සුදූ' නැමති පුද්ගලයෙක්.

මොහු ඊයේ (20) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් යතුරුපැදිය ගැටීමට සළස්වා තිබෙනවා.

පසුව මරණකරු දිවයන අතරතුර තවත් සැකකරුවන් පිරිසක් ඔහු ලුහුබැද ගොස් මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2017 වසරේ අගෝස්තු 26 වන දා මිනුවන්ගොඩ - ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් පියෙකු සහ පුතෙකු ඝාතනය කෙරුණු අතර, එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු 2018 වසරේ අප්‍රේල් මස 05 වන දා වෙඩි තබා ඝාතනය කෙරුණේ මිනුවන්ගොඩ - යටියන මං සන්ධියේදියි.

ඊයේ (20) ඝාතනයට ලක්වූ තරුණයා ඔහුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව අනාවරණ වී තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories