ස්වීඩන අගමැති විශ්වාසභංගයෙන් පරදී

Monday, 21 June 2021 - 20:32

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෙෆන්ට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු පරාජයට පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 349න් යෝජනාවට පක්ෂව ජන්ද 181 ලැබී ඇති අතර 51 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියා.

ඒ අනුව ස්වීඩන් අගමැතිවරයාට ධූරයෙන් ඉවත් වන ලෙසට සතියක කාලයක් ලබා දී ඇති අතර ඔහු ඉවත් නොවුණහොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්විය යුතු වනවා.

ස්විඩන් ආණ්ඩුව පක්ෂ කිහිපයක එකතුවෙන් නිර්මාණය වී ඇති අතර ප්‍රතිපත්තිමය හේතූන් මත එක් පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත්ව තිබෙනවා. විපක්ෂය සමඟ ඔවුන් ද එක්වයි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.