පුද්ගලයෙකු ඝාතනය කළ ඇමති ආරක්ෂකයා රිමාන්ඩ්

Tuesday, 22 June 2021 - 16:20

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා ජූලි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, එම පොලිස් කොස්තාපල්වරයා අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුව - සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට දී ඊයේ මෙම වෙඩි තැබීම සිදුවූ අතර, එහිදී ජීවිතක්ෂයට පත්වූයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ රියදුරෙක්.

මීට දින කිහිපයකට පමණ පෙර අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ ටිපර් රථ රියදුරු සමඟ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණා.

ටිපර් රථ රියදුරු ත්‍රිරෝද රථයකින් ඊයේ ගමන් කරමින් සිටියදියි පොලිස් කොස්තාපල්වරයා ඔහුට වෙඩි තබා තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories