සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, යතුරුපැදියෙන් - අත්ට්‍රැක්ටරයෙන් සහ ලොරි රථවලින් පාර්ලිමේන්තුවට (වීඩියෝ)

Tuesday, 22 June 2021 - 20:00

%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය අද රථ පෙලපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා.

යතුරුපැදි අත්ට්‍රැක්ටර්, ත්‍රීරෝද රථ, ලොරි රථ වලින්  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පැමිණියේ පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මුලස්ථානය ආසන්නයේ සිටයි.

ජේ්.සී.බී. යන්ත්‍රයක් ද විරෝධතා පා ගමන සඳහා එක්ව තිබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ගමන් කළ කළා.

හර්ෂණ රාජකරුණා, තුෂාර ඉදුනිල්, හේෂා විතානගේ, චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් යතුරුපැදි වලින් ගමන් කළා.  

එමෙන්ම, සරත් ෆොන්සේකා, අශෝක් අබේසිංහ, ජේ.සි. අලවතුවල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ති්‍රීරෝද රථවලින් ගමන් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා බස්රථයක් පැදවු අතර ලොරි රථයක් පදවමින් විරෝධතාවට එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යි.

පසුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවකද නිරත වුණා.

අනතුරුව සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පිරිස පාගමනින් පාර්ලිමේන්තු සංකිර්ණ පිවිසුම් දොරටුව දක්වා පැමිණියේ විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්.

මේ අතර, අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අත්සන් යෙදූ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද පෙරවරුවේ භාර දුන්නා.

සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් 54 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්වු අතර ඉන් 6 දෙනෙකු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදි ආණ්ඩු පක්ෂයට සහාය පළ කළා.

ඔවුන් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා නැහැ.

එමෙන්ම, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්ට හා මේ වන විට විදෙස්ගතව සිටින පළනි දිගම්බර් මන්ත්‍රීවරයාටද විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබිමට හැකිවුයේ නැහැ.   

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද සමගි ජනබලවේගයේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා නොමැති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories