අංගම් පොර සටන් කලාවට පනවා ඇති තහනම ඉවත් කිරීමට අවධානය

Thursday, 24 June 2021 - 18:01

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A++%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
දේශීය අංගම්පොර සටන් කලාවට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කර එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ  අවධානය යොමුව තිබෙනවා.

එම සටන් කලාව යටත් විජිත යුගයේ, 1818 ඔක්තෝම්බර් මාසයේදී තහනම් කර ඇති අතර, එය වසර 202 කට අධික කාලයක් පාරම්පරිකව පවත්වාගෙන එනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ මෙවැනි දේශීය සටන් ක්‍රම හා ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා මධ්‍යස්ථානයක්ද ඉදිකිරීමට බලාපොරොත්තු වන බවයි.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories