තවත් මරණ 45ක් - සමස්ත මරණ සංඛ්‍යාව 2814 දක්වා ඉහළට

Thursday, 24 June 2021 - 20:01

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+45%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2814+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊයේ (23) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 45ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 2814ක් දක්වා ඉහළ යනවා.

අද තහවුරු කළ මරණ අතරින් 18ක්, කාන්තා මරණ වන අතර, 27 ක් පිරිමි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එමෙන්ම, අද දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1228ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් 247,337 ක්.

මේ අතර, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825ක්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories