'අවමන් සහගත පරාජය ගැන වගේ වගක් නැහැ' - ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මහ රෑ මහ මග සෙල්ලම (වීඩියෝ)

Monday, 28 June 2021 - 9:43

%27%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%27+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A++%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%91+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට දිනයේදී රිවර්සයිඩ් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ පරාජයට පත් වුණා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය මෙම පරාජයට හේතුව බවයි, ක්‍රිකට් විචාරකයින් කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල විදී සංචාරයක නිතර වන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංචරණය වෙමින් පවතිනවා.

අදාළ වීඩියෝව සමඟ සටහනක් එක් කරමින්, සමාජ මාධ්‍ය පරිශීලකයා කියා සිටියේ, ඉරිදා දින රාත්‍රී 23.28ට මෙය පටිගත කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ගේ බලාපොරොත්තු සුන් කළ ද, ඔවුන් සිය සතුට සැමරීමට අමතක නොකළ බව ද එහි දක්වා තිබෙනවා.

හෙට ආරම්භ වීමට නියමිතව තිබෙන, එක්දින ක්‍රිකට් තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් සූදානම් වනවිට මෙම ක්‍රීඩකයින්, තරගය ගැන නොසිතා, දුම්වැටි පානය කරමින්, වීථි සංචරයේ නිතරවීම විහිළු සහගත බව ද එහි සඳහන්.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories